රුසියානු කාන්තාවකට අතවර කළ තරුණයෙක් අත්අඩංගුවට
විදේශීය කාන්තාවකට ලිංගික අතවර කළ පුද්ගලයකු පසුගිය (11) වනදා කළුතර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ, 36 හැවිරිදි ගැලීනා කැස්නෙල්සන් නමැති රුසියානු කාන්තාවක් වන අතර ඇය විසින් කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.
අදාළ කාන්තාව මුහුදු වෙරළ ආසන්නයේ ව්‍යායාම කිරීමට යමින් සිටියදී සැකකරු ලිංගික අතවර කර ඇති බවට පැමිණිල්ලේ සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරු, වස්කඩුව – පනාපිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි විවාහක පුද්ගලයෙක්.
සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කළුතර උතුර පොලිසිය සිදු කරනවා.