Latest News

වවුනියාවේදී හමුවූ කාන්තා මළ සිරුර ගැන සැකයක්

වවුනියාවේ ආලාඩි වීදිය ප්‍රදේශයේ ළිඳක තිබී හමු වූ කාන්තාවගේ මළසිරුර සම්බන්ධයෙන් විශාල සැකයක් ඇති බව වවුනියාව පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, 32 හැවිරිදි එස්. සින්දුජා නමැති කාන්තාවක්.

අදාළ කාන්තාවගේ ස්වාමියා හා දරුවන් දෙදෙනා ලන්ඩනයේ ජීවත් වන අතර එම කාන්තාව කලක සිට ඔවුන්ගෙන් වෙන්ව ජීවත්ව තිබෙන බවද පවුලේ ඥාතීන් සඳහන් කරනවා.

ඇය වවුනියාවට පැමිණ ඥාතීන් සමග ජීවත් වෙමින් සිටියදී හදිසියේම අතුරුදන් වී ඇති අතර පසුව ඇගේ මළසිරුර ඇය ජීවත් වූ ඉඩමට යාබද ඉඩමක ළිඳක තිබී හමුවී තිබුණා.

මෙම මරණය සිය දිවි හානි කර ගැනීමක්ද, ඝාතනයක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති අතර පරීක්ෂණ කටයුතු සඳහා ඇයගේ මළසිරුර වවුනියාව මහ රෝහල වෙත භාර දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.