Latest News

අවසන් ඩීසල් නැව කොළඹට – පෙට්‍රල් පැමිණීමේ නිශ්චිත දිනයක් නැහැ

ඉන්දියාවෙන් ලබාගත් ඩොලර් මිලියන 700ක ණය පහසුකමට අදාළව ලැබෙන ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක ප්‍රමාණයක් සහිත අවසන් ඩීසල් නැව අද (16) කොළඹට ළඟාවීමට නියමිතව තිබෙනවා.

කෙසේවෙතත් පෙට්‍රල් නැවක් පැමිණෙන නිශ්චිත දිනයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙතෙක් සඳහන් කර නොමැත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙකු සඳහන් කලේ,අද පැමිණෙන නෞකාවේ ඩීසල් බෙදා හැරීමේ කටයුතු සඳහා තවත් දින 03 ක් පමණ ගතවෙන බවයි.

මේ අතර ප්‍රදේශ රැසක ජනතාව ඊයේ (15) දිනයේ ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා මාර්ග අවහිර කර විරෝධතාවල ද නිරත වුණා.