5 හැවිරිදි දරුවා ගඟට දමා සිය දිවි නසා ගන්න ගිය මව
වත්තල, කදිරාන පාලම අසලදී තම 5 හැවිරිදි දරුවා කැලණි ගඟට දමා සියදිවි හානි කර ගැනීමට තැත් කළ කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්රදේශයේ ජනතාව විසින් ඇයව අල්ලා පොලීසියට භාර දීමෙන් පසුව අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වත්තල – හැඳල ප්රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක්.
අතුරුදන් වූ දරුවා සොයා නාවික හමුදාව සහ ප්රදේශවාසීන් සෝදිසි මෙහෙයුම් සිදු කළ ද මෙතෙක් දරුවා සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් කාන්තාව අද (16) වැලිසර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වත්තල පොලීසිය සිදු කරනවා.