වතුර ටැංකියකට වැටී කුඩා දරුවෙකු මරුට
පොළොන්නරුව – වැලිකන්ද නාගස්තැන්න ගම්මානයේ කුඩා බිළිඳෙකු වතුර ටැංකියට වැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 2යි මාස 10ක් වයසැති එම්.ඒ මිනුක නමැති කුඩා දරුවෙක්.
පොලිසිය සඳහන් කලේ, එම දරුවා නිවසේ තබා මව, සහ පියා කුඹුරට ගොස් ඇති අතර ඒ අතරතුර දරුවා අසල නිවසට ගොස් ඇති බවයි.
එහිදී එම නිවස ඉදිරිපිට ඇති වතුර ටැංකියට ගොඩවීමට උත්සාහ දරා ඇති අතර දරුවා එම ටැංකියට වැටී මෙම අනතුරට මුහුණ පා ඇති බව පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිසිය සඳහන් කළා.
සිද්ධියෙන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැලිකන්ද පොලිසිය සිදුකරනවා.