Latest News

කුඩා දරුවෙකු අනාරක්ෂිත වැසිකිළි වළකට වැටී මරුට

අවුරුදු එකහමාරක දරුවෙකු අනාරක්ෂිත වැසිකිළි වළකට වැටී මියගොස් ඇතැයි පානදුර උතුර පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, පානදුර – උතුර, වත්තල්පොල පදිංචිව සිටි මොහොමඩ් ඔබේයි මෙයිස් නමැති කුඩා දරුවෙක්.

මියගිය දරුවාට අවුරුදු 11 සහ 7 වයසේ පසුවන වැඩිමහල් සොයුරියන් දෙදෙනා තවත් කුඩා දරුවන් කිහිප දෙනකු සමග නිවස පිටුපස සෙල්ලම් කරමින් සිට ඇති අතර දරුවාගේ මව මුළුතැන් ගෙහි සිට ඇතැයි පොලිසිය සඳහන් කළා.

අදාළ දරුවා පෙනෙන්නට නොසිටි බැවින් ඒ පිළිබඳ පියා සමග සොයා බැලීමේදී ගබඩා කාමරය තුළ තුල පිහිටා තිබෙන වැසිකිළි වළෙහි දරුවා වැටී සිටිනු දැක තිබෙනවා.

ඒ සමගම පියා විසින් එම දරුවා ගොඩට ගෙන අසල්වාසී පුද්ගලයකුගේ ත්‍රීරෝද රථයකින් පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වනවිටත් දරුවා මියගොස් සිට ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පානදුර පොලිසිය සිදුකරනවා.