Latest News

පිලිපීනයේ උප ජනාධිපතිනිය ලෙස සාරා ඩුටර්ටේ පත්වෙයි

ධූරයෙන් ඉවත්වීමට සිටින පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේගේ වැඩිමහල් දියණිය වන සාරා ඩුටර්ටේ එරට උප ජනාධිපතිනිය ලෙස දිවුරුම් දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කලේ, දාවෝ නගරයේදී ඇය උප ජනාධිපතිනිය ලෙස දිවුරුම් දුන් බවයි.

සාරා ඩුටර්ටේ (44) මීට පෙර නගරාධිපතිවරියක ලෙස ද කටයුතු කළා.

එමෙන්ම ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේගේ ධූර කාලයෙන් පසු ඇය පිලිපීන ජනාධිපතිවරිය ලෙස තේරී පත්වනු ඇති බව එරට දේශපාලන විශ්ලේෂකයින් පවසනවා.

ඇයගේ වසර 6ක් වන ධූර කාලය ජුනි 30 වනදා ආරම්භ වනවා.