ඕස්ට්‍රේලියා ස්වදේශ අමාත්‍ය ක්ලෙයාර් ඔ-නිල් දිවයිනට
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ඕස්ට්‍රේලියා ස්වදේශ අමාත්‍ය ක්ලෙයාර් ඔ-නිල් දිවයිනට පැමිණ තිබෙනවා.
කොළඹ පිහිටි ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කලේ,ක්ලෙයාර් ඔ-නිල් විසින් ජනාධිපතිවරයා – අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි.
රටේ වත්මන් ආර්ථික තත්ත්වය සහ නීතිවිරෝධී මිනිස් සංක්‍රමණ පිළිබඳ මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කිරීමට නියමිතයි.
ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරිය මීට සුළු මොහොතකට පෙර විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් හමු වී සාකච්ඡා පවත්වා තිබෙන අතර ඉන් අනතුරුව අග්‍රමාත්‍යවරයා හමු වීමට නියමිතව තිබෙනවා.
ඉන් අනතුරුව ඇය ජනාධිපතිවරයා හමුවීමට යනු ඇති බවයි වාර්තා වන්නේ.