හෙරොයින් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවට
බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයේදී හොරෙයින් මත්කුඩු පැකට් 2000ක් සමග කාන්තාවක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාරිය ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි තැනැත්තියක්.
අදාළ කාන්තාව සන්තකයේ තිබූ මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් ලක්ෂ විස්සක් පමණ වනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරක් අනුව අදාළ සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහිදී පොලිසිය සඳහන් කලේ, ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන බඩෝවිට අසංක නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට මෙම සැකකාරිය සම්බන්ධ බවට ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බවයි.