ප්‍රාදේශීය ලේකම්වරිය සිර කර ගැනීමට එරෙහිව කාර්යාලීය සේවකයෝ විරෝධතාවයක
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මාතර මහ රෝහලට පැමිණි, මාතර ප්‍රාදේශීය ලේකම් කෞෂල්‍යා කුමාරි මහත්මියට ප්‍රතිකාර ලබා නොදී සිර කර තබා ගැනීමේ සිදුවීමක් වාර්තා වුණා.
ඒ අනුව අදාළ සිද්ධියට විරෝධය පල කරමින් මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවක සේවිකාවෝ වැඩ වර්ජනය කරමින් අද(27) විරෝධතායක නිරතව තිබෙනවා.
මේ හේතුව නිසා සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.
විරෝධතා පා ගමනකින් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණි සේවක සේවිකාවන් මෙම ගැටළුවට සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙසට මාතර මහ දිසාපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
ඒ අනුව නියෝජිතයින් කිහිප දෙනකුට මාතර මහ දිසාපති වයි.වික්‍රමසිරි මහතා හමු වී ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට අවසර හිමිව තිබෙනවා.