හෝමාගම ගින්නෙන් බරපතළ තුවාල ලැබූ දියණියත් මරුට
හෝමාගම මාගම්මන ප්රදේශයේ නිවසක පසුගිය (25) වනදා රාත්රියේ ඇතිවූ ගින්නෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි එම පවුලේ වැඩිමහල් දියණිය මීට සුළු මොහොතකට පෙර මිය ගිය බව කහතුඩුව පොලිසිය සඳහන් කළා.
මෙලෙස මියගොස් ඇත්තේ, හෝමාගම මාගම්මන පදිංචිව සිටි 19 හැවිරිදි කාවින්දි රණසිංහ නම් දැරියයි.
ගින්නෙන් මීට පෙර මියගිය මවුපියන්ගේ මෘත දේහය පිළිබඳ අවසන් කටයුතු අද (28) පැවැත් වුණා.
තුවාල ලැබූ 6 හැවිරිදි දියණිය මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්රතිකාර ලබමින් සිටිනවා.