Latest News

බැංකු කළමනාකාරවරියක් අතුරුදන් වෙයි

ග්‍රාමීය බැංකු ශාඛා කළමනාකාරවරියක් අතුරුදන්ව ඇති පුවතක් උඩප්පුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ, ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

අදාළ ග්‍රාමීය බැංකුව අයත්වන ආරච්චිකට්ටුව විවිධ සේවා සමූපාකාර සමිතියේ සාමාන්‍යධිකාරීවරයා විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් උඩප්පුව පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.

ඊයේ (27) දහවල් 11ට පමණ අදාළ කළමනාකාරවරිය බැංකුව වසා දැමීමෙන් අනතුරුව ත්‍රිරෝද රථයක නැගී පිටව ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.

කෙසේවෙතත් වැඩිදුර විමර්ශන මගින් හෙළිව ඇත්තේ, අදාළ ත්‍රිරෝද රථයේ ඉන්ධන අවසන් වීම හේතුවෙන් ඇය මුන්දලම ප්‍රදේශයේදී වෙනත් ත්‍රිරෝද රථයක නැගී ගොස් ඇති බවයි.