Latest News

අමෙරිකන් ජනපතිට හා පවුලට රුසියාව තහනම්

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මෙන්ම ජනාධිපති ආර්යාව වන ජිල් බයිඩන් සහ බයිඩන්ගේ දියණිය ඇතුළු තවත් අමෙරිකන් සෙනෙට් සාමාජිකයන් 25 දෙනකුට රුසියාවට පැමිණීම තහනම් කර තිබෙනවා.

රුසියන් රජය මෙම තිරණය ගෙන ඇත්තේ, අමෙරිකාව රුසියාවට පනවා ඇති සම්බාධක සහ තහංචි හේතුවෙන් එකට එක කිරීමක් ලෙස යැයි ද සඳහන් කරනවා.

අමෙරිකාව විසින් රුසියාවට එරෙහිව සම්බාධක පැනවීම කර ඇත්තේ රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියා මාර්ගය හේතුවෙන්.