ඉන්ධන් පිරවුම්හලක් අසල සිදුවූ මාරක රිය අනතුර
කටුනේරිය, ලන්සිගම ඉන්ධන පිරවුම්හල අසල වාහන තදබදයකට ලක්වූ මවක හා දියණියක පැමිණි යතුරුපැදියක් කන්ටේනර් රථයකට යට වීමෙන් එම මව මියගොස් ඇති බවට මාරවිල පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, කටුනේරිය ලන්සිගම ප්‍රෝටස් තිසේරා මාවතේ අඩප්පර වත්ත පදිංචි චන්ද්‍රානි පීරිස් නමැති 54 හැවිරිදි එක් දරු මවක්.
එම කාන්තාවගේ සිරුර කැඩී බිඳී බරපතළ ලෙස හානි සිදුවී තිබූ බවද වාර්තා වනවා.
අදාළ කාන්තාවගේ දියණිය, කකුලක් බිඳී බරපතළ තුවාල ලබා මාරවිල මූලික රෝහලෙන් කොළඹ ජාතික රෝහලට යවා තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙලෙස තුවාල ලබා ඇත්තේ, 18 හැවිරිදි හිරුණි නිමේශා නමැති පාසල් අධ්‍යාපනය නිමාකර ඇති දැරියක්.
අනතුරින් මියගිය කාන්තාව බැංකුවක කම්කරු වෘත්තියෙහි යෙදුණු අයෙක් බවයි වාර්තා වන්නේ.
මේ අතර අනතුර සිදුකළ කන්ටේනර් රථ රියදුරු මාරවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු විසින් ප්‍රකාශ කර ඇත්තේ,තමා ප්‍රධාන මාර්ගයේ මාදම්පේ සිට කොළඹ බලා යෑමට සිය කන්ටේනර් රථයෙන් එන විට ඉදිරියෙන් ගිය යතුරුපැදිය පාර දෙසට ඇදී ආ බවත්, කන්ටේනර් බඳෙහි යතුරුපැදිය වැදී රථයට යට වූ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.