ප්‍රාදේශීය ලේකම්වරිය සිර කර හිංසා කලාට පූර්ණ පරීක්ෂණයක් පවත්වන්න – විජයදාස රාජපක්ෂ
මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරිය ප්‍රතිකාර ලබා ගැනීමට මාතර රෝහලට ගොස් සිටි අවස්ථාවේ සිර කර තබා ගනිමින් හිංසා පීඩා කිරීම සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් සිදු කරන්නැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පොලිස්පතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.
සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන බලපත්‍ර නොදුන් බව පවසමින් පසුගිය 25 වන දින ප්‍රාදේශිය ලේකම්වරිය සිර අඩස්සියේ තබාගත් බවට වාර්තා වුණා.
සිද්ධිය සම්බන්ධව රාජ්‍ය නිලධාරීන් ගනණාවකගෙන් පැමිණිලි ලැබී ඇති අතර ජනමාධ්‍ය මගින්ද මෙම සිද්ධිය වාර්තා කරමින් විශාල ප්‍රසිද්ධියක් ලබා දී ඇති බව අමාත්‍යවරයා යොමු කර ඇති ලිපියේ සඳහන්.
අදාළ ලිපිය පහතින් දැක්වේ.