අමෙරිකානු තානාපතිනී ජුලී චන්ග්, ජනපති හමුවෙයි
ආර්ථික ගැටළුවට විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා උත්සාහයට හැකි උපරිමයෙන් සහය වන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පොරොන්දුවී තිබෙනවා.
ඒ, අද (30) කොළඹ කොටුව ජනපති මන්දිරයේදී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී යි.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව වෙනුවෙන් කටයුතු කිරීම හා මානුෂීය ආධාර ලබාදෙමින් ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය සම්බන්ධයෙන් ජනාධිපති රාජපක්ෂ මහතා සිය ස්තූතිය පිරිනමා තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාව මුහුණදී සිටින අර්බුදය ගැන අවබෝධයෙන් පසුවන බවත් කඩිනමින් රට යථා තත්වයට පත්වනු ඇතැයි විශ්වාසය පළ කරන බවත් ජූලි චන්ග් මහත්මිය මෙහිදී සඳහන් කළා.