Latest News

ආර්ථික අර්බුදය නිසා කාන්තාවන් ලිංගික ශ්‍රමිකයින් වීමේ අවදානමක්

රටෙහි පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් කාන්තාවන් බොහෝ දෙනෙකු ලිංගික ශ්‍රමිකයින් බවට පත්වීමේ අවදානමක් ඇතැයි එච්.අයි.වී ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පවසනවා.

මේ හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරිය විසින් අනාරක්ෂිත ලිංගික කටයුතු වලින් ඈත් වන ලෙස කාන්තාවන්ගෙන් ඉල්ලීමක් ද සිදුකළා.

නොහඳුණන පුද්ගලයින් සමග ආනාරක්ෂිතව ලිංගිකව හැසිරීමේදී බොහෝ ලිංගාශ්‍රිත රෝගයන්ට ගොදුරු වීමට කාන්තාවකට සිදුවනු ඇති බවත් ඇය තවත් බොහෝ පුද්ගලයින්ට රෝගය බෝකරන වාහකයෙක් බවට පත්විය හැකි බවත් ඇය පෙන්වා දුන්නා.