ස්ති‍්‍ර දුෂණ නඩුවක සැකකරුවෙකු අරගල භුමියේ සැඟවී සිටියදී අත්අඩංගුවට
රත්නපුර මහධිකරණයෙන් විවෘත වරෙන්තු ලැබ සිටි සැකකරුවකු ගාලූමුවදොර අරගල භූමියේ සැඟව සිටියදි කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පුද්ගලයා ස්ති‍්‍ර දුෂණයක් සිදු කිරීමේ වරදට අධිකරණය මගහැර සිටී අයෙක් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කළා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, රත්නපුර වෙරළුව ප‍්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්.
රත්නපුර මහධිකරණයේ විභාග වන ස්ති‍්‍ර දුෂණ නඩුවේ මෙම සැකකරු ප‍්‍රධාන සැකකරු බවත්,මොහු අධිකරණය මග හරිමින් මාස 2 ට අධික කාලයක් අරගල භූමියේ සැඟව සිට ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළා.