පොදු ප්‍රවාහනය ශක්තිමත් නොවුනහොත් රෝහල් කටයුතු බිඳ වැටීමේ අවදානමක්
පොදු ප්‍රවාහන සේවාවන් ශක්තිමත් කිරීම නොකළ හොත් ලබන සතියේ සිට රෝහල් කටයුතු බිඳ වැටිමේ අවදානමක් මතුවන බව සෞඛ්‍ය අංශ පවසනවා.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, වෛද්‍ය සේවා සහ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජි. විජේසූරිය මහතා සඳහන් කලේ, පොදු ප්‍රවාහන සේවා උපයෝගී කරගනිමින් සේවා ස්ථාන වෙත වාර්තා කිරීමට සෞඛ්‍යය කාර්ය මණ්ඩල සුදානම් බවයි.
ඒ සඳහා ප්‍රමාණවත් බස්රථ යොදවන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශයෙන් මේ වන විටත් ඉල්ලා ඇතැයි ද, ඔහු ප්‍රකාශ කළා.