භූමිතෙල් මිලත් වැඩිවෙන ලකුණු
භූමිතෙල් මිල අනිවාර්යෙන්ම වැඩි කිරීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළා.
ඒ අද (05) පාර්ලිමේන්තුවේ විදේශ විනිමය පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදී යි.
භූමිතෙල් දැන් අලෙවි කෙරෙන්නේ රුපියල් 87කට බවත් සංස්ථාවට භූමිතෙල් සඳහා රුපියල් 420ක් වියදම් වෙන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.
එමෙන්ම, ඉන්ධන ටික හරියාකාරව බෙදන්න නම් ඉන් පාඩුවක් අත් නොවිය යුතු බව ද ඔහු පැවසුවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කලේ,
“සංස්ථාව මේ දක්වා දුන්නේ අඩු මිලට. දැන් ඒක කරන්න බැහැ. භූමිතෙල් මිල වැඩි කළාම ධීවරයාට ආණ්ඩුව ගහනවා කියලා චෝදනා කරාවි. අනිත් පැත්තෙන් ඔවුන් ඉන්ධන දෙන්න කියලා කෑගහනවා.ඉන්ධන ටික දෙන්න නම් පාඩුවක් නැතිව අලෙවි කරන්න ඕන. අපිට ණය ගෙවන්න සහන කාල සීමා දැන් ලැබෙන්නේ නැහැ.ඩොලර් වගේම රුපියල් එකතු කිරීමත් අද ප්‍රශ්නයක්. ඛනිජ තෙල් සංස්ථාවේ ණය සීමාව වැඩි කළ යුතුයි කියලා යෝජනා කරන්නේ ඒ නිසයි. අගමැතිතුමා ඒ සඳහා කටයුතු කරනවා.” යනුවෙන්.