Latest News

බැංකු ක්ෂේත්‍රයත් කඩා වැටෙයිද ?

රටේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ බැංකු පද්ධතිය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට ආණ්ඩුව විසින් වැඩපිළිවෙලක් සකස් කර නොමැති බව ලංකා බැංකු සේවක සංගමයේ උප සභාපති ධනුෂ්ක කුමාරසිංහ පවසනවා.

බැංකු සේවකයින් සඳහා රාජකාරියට පැමිණීමට සිදුව ඇත්තේ, සාමාන්‍ය පුරවැසියන් විදියටම බවත් ඒ සඳහා කිසිදු වැඩපිළිවෙලක් රජය විසින් සිදුකර නොමැති බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම, බැංකු පද්ධතිය පවත්වාගෙන යාම සඳහා විදුලිය අවශ්‍ය වන අතර විදුලි කප්පාදුව සමග බැංකු කාර්යයන් සිදු කිරීමට ජෙනරේටර් භාවිතා කරන්න සිදුවන බවත් පවතින තත්ත්වය නිසා ඒ සඳහා ඉන්ධන ලබා ගැනීමට නොහැකි වන අතර මේ වනතුරුත් රජය මගින් ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.