Latest News

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඇය කොටුව ජනාධිපති නිල නිවස අසල අද පෙරවරුවේ ආරම්භ කර විරෝධතාවයේදී යි.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කිරීමට හිරුණිකා කාන්තාවන් සහ පිරිමින් කිහිප දෙනෙකුද සමග මෙම විරෝධතාවයේ නිරත වුණා.

එහිදී, ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටින බවත් පාර්ලිමේන්තුව තුළ විහිළු තහළු නොකර එළියට බැස තමන් හමුවන ලෙසත් ඇය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.