අත්‍යාවශ්‍ය සේවාවලට ඉන්ධන ලබාදෙන්න වැඩපිළිවලක් හදන්න නියෝගයක්
අත්‍යාවශ්‍ය සේවාවලට ඉන්ධන ලබාදීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිට නියෝග කර තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (14) කැඳවූ අවස්ථාවේදීයි.
අදාළ පෙත්සම විජිත් මළල්ගොඩ , මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.