Latest News

ධම්මික පෙරේරා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි ?

පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

ධම්මික පෙරේරා මහතා පසුගිය ජුනි මස 22 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙනු ලැබුවා.

ඒ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමෙන් හිස්වූ මන්ත්‍රී අසුන සඳහායි.

අනතුරුව පසුගිය ජුනි මස 24 වනදා ඔහු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.