ඉන්දියාවේ පළමු ගෝත්‍රික ජනපතිනිය ද්‍රෞපදී මුර්මු
ඉන්දියාවේ 15 වැනි ජනාධිපති ලෙස භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානය නියෝජනය කරමින් එරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු ද්‍රෞපදී මුර්මු තේරී පත්ව තිබෙනවා.
ප්‍රතිභා පාතිල්ගෙන් පසු ඉන්දීය ජනාධිපති ධුරය කාන්තාවකට හිමිවුණු දෙවැනි අවස්ථාව මෙය වනවා.
ප්‍රතිභා පාතිල් ඉන්දියාවේ 12 වැනි ජනාධිපතිවරයා වූ අතර ඇගේ ධූර කාලය 2007 සිට 2012 දක්වා පැවතුණා.
64 හැවිරිදි ද්‍රෞපදී මුර්මු, ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරන කාන්තාවක්.
ඉන්දීය ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරන කාන්තාවක ජනාධිපති ධූරයට පත්වූ පළමු මෙන්ම ඓතිහාසික අවස්ථාව වන්නේ මෙයයි.
ඇය දේශපාලනඥයකු මෙන්ම ගුරුවරියක් ලෙස ද සේවය කරනවා.
භාරතීය ජනතා පක්ෂ සාමාජිකාවක් වන ඇය, 2015 සිට 2021 තෙක් ජර්කාන්ද් ප්‍රාන්ත ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කළා.
පසුගිය (18) වනදා පැවැත්වූ ඉන්දීය ජානාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ඊයේ (21) සිදුවුණා.
ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගනු ලබන්නේ මහජන ඡන්දයෙන් නොවන අතර එය පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ඡන්ද විමසීමකින් සිදුවනු ඇතියි.
ඉන්දීය ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහක් වන අතර ද්‍රෙෘපදී මුර්මු ලබන 25 වනදා ජනපති ධූරයේ දිවුරුම් දීමට නියමිතයි.