ගාලු මුවදොර අරගලකරුවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමුවෙයි
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අරගලකරුවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමු වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් අද (22) අලුයම ඇති වූ මෙම තත්ත්වය සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබා තිබෙනවා.
එමගින් ඇය පෙන්වා දෙන්නේ, අරගලකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ගය දැඩි කනස්සලට හේතු වී ඇති බවයි.
බලධාරීන් වහාම සංයමයෙන් කටයුතු කිරීමට අවධානය යොමු කළ යුතු බව ඇය විසින් අවධාරණය කර තිබෙනවා.
එමෙන්ම, තුවාල ලැබූවන් සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස ද ඇය ඉල්ලීමක් කර තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකාවේ සිටින බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් ප්‍රකාශ කර ඇත්තේ, ගාලු මුවදොර ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය ගැන දැඩි අවධානය යොමු කළ බවයි.
සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියේ වැදගත්කම තමන් පැහැදිලිව පෙන්වා දී ඇතැයි එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.