11 හැවිරිදි දරුවෙකු විදුලි සැර වැදී මරුට
වැල්ලවාය කොටවෙහෙරගල ප්‍රදේශයේ ඥාති නිවසක සෙල්ලම් කරම්න් සිටි 11 හැවිරිදි දරුවෙකු විදුලි සැර වැදි ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, මල්වත්තාවල විද්‍යාලයේ 06 වසරේ ඉගෙනුම ලබන ආර් ඒම් නුවන් නෙත්සර නැමති දරුවායි.
මියගිය දරුවා ඥාති නිවසක සෙල්ලම් කරමින් සිට ඇති අතර ඒ අසල පිහිටි කොස් ගසක් අසල අටවා තිබු අනවසර විදුලි රැහැනක පැටලි මෙම දරුවා මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් විදුලි රැහැන ඇටවූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.