Latest News

රට තුළ නැවතත් කොරෝනා අවදානමක්

කොවිඩ්-19 වෛරස රෝග ව්‍යාප්තියේ වැඩි වීමක් දක්නට ලැබෙන බව කොවිඩ්-19 පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි පවසනවා.

ඔහු සඳහන් කළේ, බස්නාහිර පළාත් ඇතුළු අනෙකුත් පළාත්වල කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සුළු වැඩි වීමක් දක්නට ලැබෙන බවයි.

මුව ආවරණ පැළඳීම, සමාජ දූරස්ථභාවය, අනවශ්‍ය සංචරණ සීමා කිරීම හා ජන ඒකරාශී වීම් අවම කිරීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බව වෛද්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ, මුව ආවරණ පැළඳීම අනිවාර්යෙන්ම සිදුකළ යුතු බවයි.

“මුව ආවරණය පැළඳීම තුළින් ඔබට කොවිඩ්-19 පමණක්ම නොව අනෙකුත් ශ්වසන ආබාධවලින් වැළකී සිටිමට ද හැකියාව ලැබෙනවා.”

කෙසේ නමුත් මේ වන විට ලංකාව තුළ පවතින තත්ත්වය පාලනය කළ හැකි මට්ටමේ පවතින බව ද එහි දී ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එසේම කොවිඩ් මරණ වාර්තා වීමේ සුළු වැඩිවීමක් ද පෙන්නුම් කරන බව වෛද්‍යවරයා කියා සිටියා.

කෙසේ නමුත් රට තුළ දැනට පවතින තත්ත්වය කොවිඩ් රැල්ලක් බවට පත්වීම පාලනය කිරීම සඳහා වන පූර්ණ වගකීම සියලු දෙනාම සතු බව ද වෛද්‍යවරයා මෙහි දී සඳහන් කළා.