Latest News

අලුත උපන් බිළිඳා ඝාතනය කර ළිඳකට දැමූ වෛද්‍යවරයා අත්අඩංගුවට

2017 වසරේ උඩුමහළ පාර, මඩකලපුව ප්‍රදේශයේ පිරිමි දරුවෙකුගේ බිළිඳු මළ සිරුරක් ළිඳක් තුළ තිබී සොයා ගැනීමේ සිද්ධියට අදාළව වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, සයින්දමරුදු ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි වෛද්‍යවරයෙක්.

මෙම පුද්ගලයා මහනුවර රෝහලට අනුයුක්තව සේවය කළ පුද්ගලයෙක් වන අතර . මඩකලපුව පොලිසිය විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකාර වෛද්‍යවරයා 2017 වසරේදී තම බිරිඳ සමග කුලී පදනම මත උඩුමහළ පාර, මඩකලපුව ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිට ඇති අතර එම නිවසේ සේවය කළ මෙහෙකාරිය විසින් නිවසේ දී ප්‍රසූත කරන ලද බිළිඳෙකුගේ හුස්ම සිරකර ඝාතනය කිරීම සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙම වෛද්‍යවරයාට චෝදනා එල්ලව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අද (26) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර විමර්ශන මඩකලපුව පොලිසිය සිදුකරනවා.