ඉන්ධන ලබා ගන්න ත්‍රීවීල් වලට පොලිසියේ ලියාපදිංචිය අවශ්‍යයි
ඉන්ධන ලබා ගැනීම සඳහා ලියාපදිංචි විය යුතු ආකාරය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ටිවිටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
අදාළ ටිවිටර් පණිවිඩය මගින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ,
1. සියලුම ත්‍රිරෝද රථ හිමියන් ජූලි 31 දිනට පෙර ඉන්ධන ලබා ගැනීම සඳහා තමන්ට අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ ලියාපදිංචි විය යුතුයි.
2. එමෙන්ම ත්‍රිරෝද රථ ලියාපදිංචියේදී ආසන්නතම ඉන්ධන පිරවුම්හල නම් කළ යුතු අතර අගෝස්තු 01 වනදා සිට ත්‍රිරෝද රථවලට තම ලියාපදිංචි ඉන්ධන පිරවුම්හලෙන් පමණක් ඉන්ධන ලබා ගැනීමට අවසර ලැබෙනවා.
3. උද්‍යාන උපකරණ, විදුලි ජනන යන්ත්‍ර සහ අනෙකුත් උපකරණ භාවිතා කරන සියලු දෙනාම තම ඉන්ධන අවශ්‍යතා අනුව සතිපතා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි වන ලෙසත් එහිදී ආසන්නතම ඉන්ධන පිරවුම්හලක් නම් කරන ලෙසත් ඉල්ලා සිටිනවා.
4. චැසි අංකය සමග ලියාපදිංචි විය නොහැකි වාහන භාවිතා කරන්නන්ට ජූලි 29 සිට ආදායම් බලපත්‍රය සමග ලියාපදිංචි විය හැකියාව ඇත.
5. 49CC බයිසිකල් භාවිතා කරන්නන් ඔවුන්ගේ බලපත්‍ර ලබා ගැනීමට ජාතික ඉන්ධන බලපත්‍රය සමග මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය. බවයි.