කලා වැව හැඩ කළ භරණ ඇතා අභිරහස් ලෙස මියයයි
සංචාරක ආකර්ෂණයට ලක්වූ කලාවැව ජාතික උද්‍යානයේ වෙසෙන ඇත් පංතියේ සිටි භරණ ඇතා අභිරස් ලෙස මියගොස් තිබෙනවා.
පූජ්‍ය වනවාසි රාහුල හිමියන් විසින් කළ දැනුම් දීමකින් පසුව භරණ ඇතාගේ සිරුර ගල්කිරියාගම ජාතික නාමල් උයන රක්ෂිතයේ තිබී සොයාගත් බව වාර්තා වනවා.
කෙසේවෙතත් වනජීවී නිලධාරීන් සඳහන් කලේ, ඇතා මිය යන්නට ඇත්තේ අද උදෑසන බවත් මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වීි නොමැති බවත් ය.
මිය ගිය භරණ කලාවැව ජාතික උද්‍යානය හා ජාතික නාමල් උයන ආශ්‍රිතව නිරන්තරයෙන් සැරිසැරෑ ඇතෙකු වන අතර වයස අවු 30-35ක් පමණ වන දිග අඩි 04කට ආසන්න දළ යුගලයකට හිමිකම් කියන පිරිපුන් දළ ඇතෙක් වනවා.
ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ හා ගල්කිරියාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිද්දිය සම්බන්ධයෙන් මේ වනවිට මූලික විමර්ශන සිදුකරනවා.