ඉදිරියේදී මිල අඩුවීමක් ? – ඉන්ධන බලපත්‍රයට මිලියන 4ක් ලියාපදිංචි වෙයි
මෙරට ජාතික ඉන්ධන බලපත්‍රය සමග පුද්ගලයින් මිලියන 4ක් ඊයේ (26) රාත්‍රී 9.00 වන විට ලියාපදිංචි වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ඒ අනුව සිපෙට්කෝ පිරවුම්හල් 299ක් හා ලංකා අයි.ඕ.සී පිරවුම්හල් 34ක QR පද්ධති තුළින් ඉන්ධන ලබාදී තිබෙනවා.
සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කලේ, ගනුදෙනු 92,845ක ප්‍රමාණයක් ඊයේ දිනයේදී QR පද්ධතිය තුළින් සම්පුර්ණ කර ඇති බවයි.
මේ අතර සෑම මසකම 1 වනදා සහ 15 වනදා යන දිනවලදී මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කරන බව බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ඒ අනුව මීළඟ මිල සංශෝධනයේදී ඉන්ධන මිල අඩු කිරීමේ හැකියාවක් පවතින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.