Latest News

චීනයත් ආර්ථික අර්බුදයක

මූල්‍ය අර්බුදයන් හේතුවෙන් මහජනයා පවත්වාගෙන යන සාමකාමී විරෝධතා විසුරුවා හැරීමට චීන බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

උග්‍ර මූල්‍ය අර්බුදයක පැටලී ඇති බැංකුවලින් තම ඉතුරුම් ආපසු ඉල්ලා සිටීමින් තැන්පත්කරුවන් මෙලෙස පසුගිය මාස දෙක පුරා පළාත් අගනුවර වන ෂෙන්ග්සු (Zhengzhou) නගරයේ සාමකාමී විරෝධතාවයක නිරතව සිටියා.

අප්‍රේල් මාසයේ සිට, චීනයේ මධ්‍යම හෙනාන් පළාතේ ග්‍රාමීය බැංකු හතරක් ඩොලර් මිලියන ගණනක තැන්පතු නීති වි⁣රෝධීව රඳවාගෙන තිබෙනවා.

ඒ අනුව දැනටමත් කොවිඩ් 19 මර්දනය සඳහා දැඩි අගුලු දැමීම්වලින් බැට කෑ ආර්ථිකයක ලක්ෂ සංඛ්‍යාත ගනුදෙනුකරුවන්ගේ ජීවනෝපායට මෙම මූල්‍ය වංචාව එල්ල කර ඇත්තේ දැඩි තර්ජනයක්.

මූල්‍ය විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, මෙයින් කුඩා බැංකු විශාල ප්‍රමාණයකට බලපෑම් ඇති විය හැකි අතර, එය රටේ මූල්‍ය ස්ථාවරත්වයට බලපෑ හැකි බවයි.

පසුගිය දශකය තුළ හොඳ ආර්ථික වර්ධන වේගයක් පෙන්වූ චීනය මේ වන විට ආර්ථිකය වේගයෙන් මන්දගාමී වෙමින් පවතිනවා.