මව්වරුන් සඳහා ත්රිපෝෂ බෙදාහැරීම ආරම්භ වෙයි
ත්රිපෝෂ පැකට් අට ලක්ෂ පනස් දහසක් බෙදා හරිමින් ගැබිණි හා කිරි දෙන මව්වරුන් සඳහා ත්රිපෝෂ බෙදාහැරීම ආරම්භ කළ බව ලංකා ත්රිපෝෂ සමාගම පවසනවා.
කෙසේවෙතත් ළමයින් සඳහා ත්රිපෝෂ නිකුත් කිරීමට මෙතෙක් හැකියාව ලැබී නොමැති බව එහි සභාපති දීප්ති කුලරත්න මහතා සඳහන් කළා.
මෙහිදී සභාපතිවරයා සඳහන් කලේ, බඩ ඉරිඟු හා සෝයා බෝංචි හිඟයෙන් තවදුටරත් ත්රිපෝෂ නිෂ්පාදනය විධිමත්ව සිදු කිරීමට බාධා මතුව මතුව ඇති බවයි.
ඉන්දියානු ණය යෝජනා ක්රමය යටතේ බඩ ඉරිඟු හා සෝයා බෝංචි ආනයනයට සැපයුම්කරවන් සමග ගිවිසුම් ගතව ඇති අතර ඒ අනුව ළමයින් සඳහා ද කඩිනමින් ත්රිපෝෂ නිෂ්පාදනයට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.