Latest News

ඇළ මාර්ගයේ ගමන් කළ මිත්තණිය මියගොස් පෙර පාසල් දැරිය අතුරුදන් වෙයි

පොල්පිටිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක් හරහා ගමන් කිරීමට උත්සාහ කළ මිත්තණියක් සහ ඇයගේ මිණිබිරිය ජල පහරට හසුවී තිබෙනවා.

පසුව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී මිත්තණියගේ සිරුර හමුවී ඇති අතර 5 හැවිරිදි මිණිපිරියගේ සිරුර මෙතෙක් හමුවී නොමැති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අතුරුදහන්ව ඇති මිණිබිරියගේ සිරුර සොයා ප්‍රදේශවාසින් සහ පොල්පිටිය පොලිසියේ නිලධාරින් එක්ව මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

ඔවුන් මෙම අනතුරට ලක්ව ඇත්තේ, පෙර පාසලට ගොස් සිටි තම මිණිබිරිය රැගෙන නිවස කරා යමින් සිටියදී යි.

මේ අතර ජිවිතක්ෂයට පත්වූ මිත්තණියගේ සිරුර ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබෙනවා.