බීමත් පියා විසින් විශේෂ අවශ්‍යතා ඇති තම පුතු ඝාතනය කරයි
ඕපනායක – අකරැල්ල ප්‍රදේශයේදී විශේෂ අවශ්‍යතා ඇති තැනැත්තෙකුට ඔහුගේ පියා විසින් නියනයකින් පපුවට ඇන ඝාතනය කර තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ, 31 හැවිරිදි අකරුල්ල, ඕපනායක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.
සැකකරු බීමත්ව නිවසට පැමිණ නිවසේ සිටි ඇවිදීමට සහ කතා කිරීමට නොහැකිව අබාධිත තත්ත්වයෙන් පසුවූ තම පිරිමි දරුවාට නියනකින් පපුවට ඇන තුවාල සිදු කර තිබෙනවා.
පසුව ඔහු ප්‍රතිකාර සඳහා කහවත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමේදී ඊයේ (31) උදෑසන මියගිය බව වාර්තා වනවා.
සැකකරු වන මියගිය පුද්ගලයාගේ පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසේවෙතත් ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඕපනායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.