Latest News

කාන්තාවකට වෙඩි වැදී රෝහල්ගත කෙරේ

ඊයේ (01) උදෑසන ඊච්චන්කූලම් සාලම්බන් ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි වැදී වව්නියාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස වෙඩි වැදී ඇත්තේ, 32 හැවිරිදි කල්මඩුව වව්නියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකටයි.

අදාළ කාන්තාවට මෙම වෙඩි වැදීම සිදුව ඇත්තේ සිය නිවස පිටුපස කැලෑ ප්‍රදේශයේ දර කැඩීමට ගොස් සිටි අවස්ථාවකදී බව අනාවරණය වී තිබෙනවා.

කෙසේවෙතත් වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු මෙතෙක් අනාවරණයවී නොමැති බව පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඊච්චන්කූලම් පොලිසිය සිදුකරනවා.