පොදුරාජ්‍ය මණ්ඩලයීය තරඟවලට ගිය ක්‍රීඩිකාවක් හා පුහුණුකරු අතුරුදන් වෙයි
එංගලන්තයේ බර්මින්හැම්හි පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වී සිටින ශ්‍රී ලාංකික ජූඩෝ ක්‍රීඩිකාවක සහ ඇයගේ පුහුණුකරු ක්‍රීඩා ගම්මානයෙන් අතුරුදන් වී තිබෙනවා.
ඒ අනුව, ඔවුන්ගේ අතුරුදන්වීම පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකාරීත්වය වහාම අදාළ බලධාරීන් දැනුවත් කර ඇති අතර බර්මින්හැම් මෙට්‍රොපොලිටන් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.