ළමා නිවාසයකින් 15 හැවිරිදි දැරියක් පැන යයි
වැල්ලවත්ත ප්රදේශයේ ඩබ්.ඒ.ඩී. සිල්වා මාවතේ පිහිටි ළමා නිවාසයක් භාරයේ සිටි දැරියක් පැන ගොස් තිබෙනවා.
මෙලෙස පැන ගොස් ඇත්තේ, 15 හැවිරිදි දියකඩුව, මහගම ප්රදේශයේ පදිංචි දැරියක්.
අදාළ දැරිය ලංකාධාර ළමා නිවාස භාරයේ සිට ඇති අතර ඇය මීට දින 03කට පෙර රන්මුතුගල රැඳවුම් කඳවුරේ සිට භාරදෙනු ලැබූ දැරියක් බව පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.