“ජනපතිගේ ප්‍රකාශයේ අලුත් කිසිවක් නැහැ” – හරිනි අමරසූරිය
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අලුත් කිසිවක් නැතැයි ජාතික ජන බලවෙිගයේ මන්ත්‍රිනී හරිනි අමරසූරිය ප්‍රකාශ කරනවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහත්මිය සඳහන් කලේ, ඔහුගේ දේශපාලන ඉතිහාසය තුළ පැවැති දැ මෙම කතාව මාර්ගයෙන් ඉදිරිපත් කළ බවත් දේශපාලනිකව සිදු විය යුතු පරිවර්තන එම කතාවෙන් ඉදිරිපත් කළ බවත් ය.
මේ අතර ජනාධිපතිවරයාගේ කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය සඳහන් කලේ, “අරගලය මර්දනය කරන ප්‍රයත්නය සාධාරණීකරණය කරමින් කතාව ඉදිරිපත් කළ අතර අද ඔහුගේ හීනය සැබෑ වූ දවසක් යැයිද ඡන්දයෙන් කර ගන්න බැරි වූ දෙයක් ඔහු අද කර ගත් බැවින් ඔහුගේ කතාව ගැන පුදුම වෙන්න දෙයක් නැති බවයි.”
ජනාධිපතිවරයාගේ කතාවෙන් අනතුරුව පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටතදී මාධ්‍යයට අදහස් දක්වමින් හරිනි අමරසූරිය මේ බව සඳහන් කළා.