අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව අඩුවෙයි
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය බස් ගාස්තු 11.14%කින් පහත දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, අවම බස් ගාස්තුව රුපියල් 34 දක්වා පහළ යනු ඇතැයි වාර්තා වනවා.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කලේ, මිල සංශෝධනය පෞද්ගලික බස් රථ සහ ශ්‍රී ලං.ග.ම බස් රථවලට ද අදාළ වන බවත් එය සාමාන්‍ය බස් ගාස්තු සඳහා පමණක් බලපැවැත්වෙන බවත් ය.