Latest News

පොලිස් නිලධාරියෙකුගේ ඇඟිල්ල සහ මුහුණ සපා කෑ කාන්තාවක් අත්අඩංගුවට

මහනුවර – පේරාදෙණිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකුට පහර දී ඔහුගේ ඇඟිල්ල සහ මුහුණ සපා කෑ කාන්තාවක් සහ තවත් අයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස පහර දී ඇත්තේ, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කලේ.

සිද්ධියෙන් පහර කෑමට ලක්ව ඇත්තේ, පේරාදෙණිය පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙක්.

පසුගියදා මෙම පොලිස් නිලධාරියා පේරාදෙණිය ප්‍රදේශයේ රාත්‍රි කාලයේදී රාජකාරියේ නිරත වෙමින් සිටින අවස්ථාවේදී මෙම කාන්තාව ඇතුළු තවත් පිරිසක් බීමතින් කලහකාරි ලෙස හැසිරී තිබෙනවා.

එහිදී අදාළ කාන්තාව සහ තවත් අයෙකු පොලිස් නිලධාරියාට පහරදී මුහුණ සපා කා ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සිදුවීමෙන් පොලිස් නිලධාරියාගේ අතක ඇඟිල්ලකට සහ මුහුණට තුවාල සිදුව තිබෙන අතර පොලිස් නිලධාරියා ප්‍රතිකාර සදහා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.