වැල්ලවායේදී 5 හැවිරිදි දැරියක් අතුරුදන් වෙයි
වැල්ලවාය මුස්ලිම් පල්ලිය පිටුපස පදිංචි 5 හැවිරිදි දැරියක් ඉකුත් 10 වනදා සිට අතුරුදන්වී ඇතැයි වැල්ලවාය පොලිසිය පවසනවා.
මෙලෙස අතුරුදන්වී ඇත්තේ, සෙත්මි අන්සිකා නමැති දැරියයි.
අදාළ දැරියගේ නිවසට නගරයේ කුළී වැඩකරන සුද්දා නැමති අයකු නිතර පැමිණෙන අතර පසුගිය (10) වනදා පස්වරු දෙකයි තිහට පමණ ඔහු නිවසට පැමිණ දැරියට යෝගට් එකක් අරන්දීමට යැයි පවසා දැරිය රැඟෙන නගරයට ගොස් තිබෙනවා.
එහිදී සවස 06 වන තෙක් දෙදෙනා නොපැමිණීම නිසා දැරිය අතුරුදන්වී ඇති බවට මව විසින් පොලිසියට පැමිණිලිකර ඇති බව පොලිසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැල්ලවාය පොලිසිය සිදුකරනවා.