Latest News

හැරී පෝටර් කතුවරියට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල වෙයි

ලෝක ප්‍රකට හැරී පෝටර් කෘතියේ රචක ජේ.කේ. රෝලීන්ට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල වී තිබෙනවා.

ඒ, ඇය විසින් සුප්‍රසිද්ධ ලේඛක සල්මන් රුෂ්ඩිට අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැති උත්සවයකදී එල්ල වූ ප්‍රහාරය හෙලා දකිමින් තැබූ ට්ව්ටර් සටහනක් හේතුවෙන්.

ජේ.කේ. රෝලීන්ගේ ට්විටර් සටහනට ප්‍රතිචාර ලෙස පළවූ අදාළ තර්ජනාත්මක පණිවිඩයෙන් ප්‍රකාශ කර ඇත්තේ ‘කණගාටු නොවන්න, ඊළගට ඔබ’ යනුවෙන්.

මීර් අසීෆ් අසීස් නමැති මෙම පුද්ගලයා ඉරාන සහාය ලබන යම් අන්තවාදී කල්ලියක සාමාජිකයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ජේ.කේ. රෝලීන්ගේ ආරක්ෂාව තරකර තිබෙනවා.