ළමා නිවාසයකින් දරුවන් තිදෙනෙකු පළා යයි
ගාල්ල කිතුලම්පිටිය ප්රදේශයේ එස්.ඕ.එස් ළමා නිවාසයේ රඳවා සිටි දරුවන් තිදෙනකු ළමා නිවාසයෙන් පලාගොස් ඇති බව එහි සේවකයකු පෝද්දල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
වයස අවුරුදු 10ක සහ 08 ගැහැණු ළමයන් දෙදෙනකු සහ අවුරුදු 12ක පිරිමි ළමයකු මෙසේ පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ දරුවන් තිදෙනා විදියේ සැරිසරමින් සිටියදි මාතර මහේස්ත්රාත් අධිකරණයේ නියෝග මත මෙම ළමා නිවාසයට යොමු කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පෝද්දල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා.