තම 9 හැවිරිදි දියණියට කෲර ලෙස වධහිංසා කළ මවක් අත්අඩංගුවට
තම 09 හැවිරිදි දියණියට කෲර ලෙස වධ හිංසා කළ මවක් පල්ලෙවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම ප්රදේශයේම පදිංචි දෙදරු මවක්.
එමෙන්ම මවගේ වධහිංසා හේතුවෙන් අදාළ දැරියගේ අත් පා වල දැඩි පිළිස්සුම් තුවාල සිදුවී ඇති අතර ප්රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවට වාර්තා වනවා.
ළමාරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් අනුව පල්ලවෙල පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂණ පවත්වා අදාළ සැකකාරිය අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබෙනවා.
