වනඅලි ප්‍රහාරයෙන් පාසල් සිසුවියක් ජීවිතක්ෂයට…
හසලක, ගඟේයාය, පහේ ඇළ ප්‍රදේශයේ සිසුවියක් වනඅලි ප්‍රහාරයකට ලක්ව ඊයේ (28) උදෑසන මියගොස් තිබෙනවා.
හසලක, ගඟේයාය, පහේ ඇළ නිරන්තරයෙන් වනඅලි ප්රහාරයන්ට ලක්වන ගම්මානයක්.
වනඅලීන්ගෙන් ගම්මානයේ වගාබිම්වලට හානි සිදුවනවා සේම ගම්වාසීන්ගේ ජීවිතවලටද විශාල තර්ජනයක් එල්ල වී තිබෙනවා.
එහි ආසන්නම සිදුවීම ලෙස ඊයේ උදෑසන වාර්තා වූයේ 16 හැවිරිදි සිසුවියකට දිවි අහිමි වී තිබෙන බවයි.
මීට දින 14ට පෙර මියගිය තම සහෝදරයා වෙනුවෙන් දානයක් රැගෙන මව්පියන් සමග විහාරස්ථානයට යමින් සිටියදී මෙලෙස ඇය වනඅලි ප්‍රහාරයකට ගොදුරු වී තිබෙනවා.
අනතුරුව ඇය හසලක රෝහලට ඇතුළත් කෙරුණද එහිදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගියේ හසලක, ගඟේයාය, පහේ ඇළ ප්‍රදේශයේ පදිංචි අනුත්තරා ඉඳුනිල් නැමැති සිසුවියකි.
ඇය මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අද (29) මුහුණදීමට සූදානම්ව සිට තිබෙනවා.
ගම්වාසීන් පවසන්නේ, වනඅලි තර්ජනයට නිසි විසඳුමක් නොදුනහොත් තවත් වටිනා ජීවිත මෙලෙසම අහිමි වීම වළක්වා ගත නොහැකි වනු ඇති බවය.