ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරියක් සේවයෙන් ඉවත් කෙරේ
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආසියානු කලාපය භාර ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරියක් වන විශේෂඥ වෛද්‍ය ටකේෂි කසායිගේ සේවය තාවකාලිව අත්හිටුවා සේවයෙන් ඉවත් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
ඒ, ඇයගෙන් කාර්ය මණ්ඩලයට එල්ල වූ හිංසා සහ එන්නත් සම්බන්ධයෙන් වන රහසිගත කරුණු ජපානයට අනාවරණ කිරීම යන චෝදනා හේතුවෙන්.
ජපාන ජාතිකයෙකු වන විශේෂඥ වෛද්‍ය ටකේෂි කසායි 15 වසරක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සේවය කර තිබෙනවා.