Latest News

දින 51ක් වයසැති බිළිඳෙකු ගරාජයක් තුළ දමා යයි

බණ්ඩාරවෙල ප්‍රදේශයේ අඹේගොඩ සිරිසඟබෝ ළමා නිවාසයේ ගරාජය තුළ දින 51ක් පමණ වයසැති බිළිඳෙකු දමාගොස් තිබියදී හමුවී තිබෙනවා.

එහිදී අදාළ බිළිඳාට පොලීසිය තුළදී මව්කිරි ලබාදීමට පොලිස් නිලධාරිනියක කටයුතු කර තිබුණා.

පසුව දරුවා දියතලාව මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ළමා නිවාසය අසල CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී පිරිමි පුද්ගලයෙක් රාත්‍රී කාලයේ දී පැමිණ දරුවා තබා යන අයුරු නිරීක්ෂණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බණ්ඩාරවෙල පොලීසිය සිදුකරනවා.