Latest News

සජබ කාර්යාලයක කාන්තා මළ සිරුරක්

කෑගල්ල ප්‍රදේශයේ කළුගල්ල මාවතේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය ඇතුළත තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, 38 හැවිරිදි සකුන්තලා වීරසිංහ නැමති කාන්තාවක්.

අදාළ මළ සිරුර ආසන්නයේ තිබී පිස්තෝලයක් ද හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

ඇය එම කාර්යාලයේ දීර්ඝ කාලයක් සේවයේ නිරතව සිටි කාන්තාවක් බව අනාවරණය වී තිබෙනවා.

කෙසේවෙතත් අදාළ කාන්තාව විසින් සියදිවි හානි කරගැනීමක් සිදුකර ගත්තා ද නැතහොත් ඝාතනය කිරීමක් ද යන්න පිළිබඳ මේ වනවිට පරීක්ෂණ පවත්වනු ලබනවා.